මධු සමයට යලිත් යන......

මධු සමයට යලිත් යන......

රංජිත් ද සිල්වා නවසීලන්තය

මධු සමයට යලිත් යන...... වසර හතලිස් පහක් -ආදරය ගලා ගිය සුන්දරම කාලයක් -කියලා අපට සිතේ පිරුනාද මතක නැහැ -පැතුමන් සිහිනවැල් බාධක දී කැරලි - ජිවිතේ ගඟ මතින් ජය ගතිමු අපේ ලොව දියණියන් පැමිණි දා - මැණික් කැට ලෙසින් සුරැකුවෙමු දිවිපුරා තවත් ආදර ලොවක - ඔවුන් පිවිසුන විටදී ඉගිලුනා නව කැදිලි - සදා ගෙන සුව ඉමේ තනි උනත් අප දෙදෙන - ආදර ලොවේ ඉම සතුටින් ගයමු අපි - සිතේ රැඳි පෙම් ගීත මතුවටත් එලෙසම වසර හතලිස් පහක් ගෙවුන - යුගදිවියේ රස දනවන මධු සමයට යලිත් යන - නව යුවලක් අපි දෙදෙන රන්ජිත් සහ ලතා ද සිල්වා නවසීලන්තය 29ජුනි 2024
කවිය බලන්න