Let us play ටොයිස් කඩ

Let us play ටොයිස් කඩ

කමල් සේමගේ කතරගම

කතරගම පුංචි උං සෙල්ලමට             කඩදමං වට්ටි කඩ පෙට්ටි කඩ ටොයිස් කඩ    උං ඇරං අනාගත පරපුරේ සෙයියාව                 පතුරමිං බජාර් එක පුරවන්න සැරසෙන්නෙ      දැං ඉඳං පොඩි කෙල්ලො දොදොල් කඩ ආප්පත්  බදිනවා චන්ඩි උං පාරෙ මැද පාකිනුත්           හොයනවා තව එකෙක් වීලරේ බට් එකක්             අදිනවා හවස් ජාමෙට ඇවිත් බෝතලේ           ගහනවා නගරයේ පුංචි උං let us play කියනවා You be the patient and I'll be the doctor You be the judge and I'll be the proctor ගමේ උං අනාථයි නගරෙ උං දිනනවා ජප්පොංද බයියංද ටොයියංද               දැං ඉතිං සාදුකිං පෙලෙන උං දැං ඉතිං             නැගිටියං බත් පැකට් එක අරං බෝතලේ           කටගහං බස් එකේ නැග වරෙං අරගලේ           විකුනපං මේ සියල්ලම බලං දෑස් දොලහක්             ඇරං මයුරෙක්ගෙ කරපිටිං ගෑනු දෙන්නෙක්     අරං දැක මගේ පොඩි එකා ගහනවා සෙල්     ෆියෙං සයිකලේ කෙල්ලො දෙන්නෙක් තියං ඌ   ලඟිං
කවිය බලන්න