ඇහැල කුමාරී

ඇහැල කුමාරී

දීපා ද සිල්වා ලන්ඩනය

කහ පැහැ සළුව විසි කරමින් පැද්දෙන්නී සුළගේ සිහිල් රැල්ලේ නිති හැප්පෙන්නී සරිගම තාල මුසු කරමින් නැලවෙන්නී මිහිබට සුර ලියක සිරියා පරදන්නී දිගුකර මුදා හැරි සුන්දර වරලසට පිනි මුතු වැටී දග කරනා ලස්සනට පෙම් හැගුමන් දෝරෙ ගලනා හදවතට විහගුන් කවි කියයි දෙසවන් අද්දරට විසි වී වැටෙන පෙති එක දෙක අහුලන්න බබරුන් පොර බදී ටික ටික ලං වෙන්න නෙත් යුග බිමට ලං කර රස කොදුරන්න ඇහැල කුමාරියෙ හිමිහිට නැගිටින්න
කවිය බලන්න