පොඩි දඟකාරයා

පොඩි දඟකාරයා

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

පොඩි සෙල්ලම් කාර් එකක් හැම තිස්සෙම අතේ තියෙන කුනු ගෑවුන අත් පා ඇති පුංචි එකා දැන් කොතැනද මේස උඩත් පුටු ඇන්දෙත් බිම ඉඳලා බිත්ති වලත් දිගට දුවන ඉරි දෙක දෙක ඇඳපු සිත්තරා කවුරුද කාමරයේ කන්නාඩියෙ ජනේලයේ වීදුරුවල පුංචි ඇඟිලි සලකුණු වල අයිතිකාරයා කොහේද ගේදොර අස්පස් කිරිල්ල ඉවර නොවෙයි කිසිම දාක ලස්සන මට නම් පෙනෙන්නෙ පුංචි එකෙක් ඉන්න ගේක
කවිය බලන්න