සුවඳ

සුවඳ

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

මොහොතකට පෙර හිටි හැටියේම විඳ පුරුදු සුවඳක් දැනෙයි මට කොහේ සිට කොහොම කුමට පැමිණියේ ද පර වූ රෝස මල් සුවඳ මුසු ඒ සුවඳ... ස්පර්ශ කිරීමට හෝ ග්‍රහණය කරගැනීමට නොහැකි ය සුවඳක් නිසා එය එහෙත් හුරු පුරුදු සුවඳක් ය එය මට කොහේ ,කවදා කොතැන දැනුණේ ද එය මට මතකය හාරා පෙරළා සොයන්නෙමි මම යළි යළිත් වෙළී මනසින් ඒ සුවඳේම මේ මොහොතේ නොදැනෙන මුත් එය අහෝ!...සිහිවිය එය මට සැලෙන හදින් රහසින් සියක් වාරයකටත් වැඩියෙන් සිඹ බැලූ ප්‍රථම ප්‍රේමයේ ප්‍රථම හසුනේ සුවඳ ය එය......
කවිය බලන්න