අපට තව දුර යන්න තියෙනවා….

අපට තව දුර යන්න තියෙනවා….

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සිත්පාන අද්දරම විසිරෙන්න පිණි බිංදු තරු පිරී මග ලකුණු කියනවා අත් අල්ලගෙන එන්න , ප්‍රිය මිතුර එක්වෙන්න අපට තව දුර යන්න තියෙනවා මේ ගමන තව යන්න තියෙනවා සුසුදු සඳපාන මැද , නේක මල් උයන්වල මල් පිපී දිලි දිලී තියෙනවා කටුක රුදු කතර මැද එක්වෙලා ගියෝතින් සත්තමයි කෙම් බිමක් පෙනෙනවා ඒ ගමන යන්න දිරි ලැබෙනවා හරියටම දුක සැපත්, හමන මද නල වගෙයි කුණාටුත් විටෙක එය මවනවා අත් අල්ලගෙන එකට අත් නෑර හිටියොතින් ඇත්තමයි අපට ජය ලැබෙනවා සතුට , සැප අප වටා ඉන්නවා
කවිය බලන්න