අම්මා..

අම්මා..

නයනශාන්ති දිසානායක

මවක මවුවත් ව ගුණ රැදි හිත දැඩිව හැඩි දැඩි ගත මොලොක් සුදු මුදු හිතුවක්කාර ගති නිමිති කිසිදිනක වයසට නොගිය ඈ... සිව් අසූ විය සපිරි අම්මා...ය.. සසර ම දිග් ගස්සවන දරු පෙමින් පමනක් ම වෙළුන උප'නූපන් නුවරක හිමි සිටින සිට හමන හුළගවත් නොපතන පිනට දහමට බෝ ලැදි අතැර ගත නොහී දන් දෙන ඈ.. සිරියාව පිරි උවන හිමි අම්මා...ය හතලිස් වියෙදී මා විදුම් ඈ හට එකල නොවුනි ද හැඟුම් විස්සෙ දී මා සිතුම් අභියෝග ගැන්වූ රිඳුම් තේරුනා නම් එදා ඒ ඇනුම් අද මා නිවී සංසුන් ඈ.. විසි වසක් දුර දැක්ක අම්මා..ය කිඹුහුමක වෙනසකට අනේ.. විස්සෝප උන කවදාක හරි දෙන්න නැතිවුනොත් වී..සි කෙරුමට සම ව සම සම ව වෙන්කොට අයිස් පෙට්ටියේ ගල් උන හැම එකාටම හිමි පංගුව ඈ.. සම සිතින් ඉවසූ අම්මා..ය පාර අමතක නැතත් ගෙදරට ආපු දුර මහ ගොඩක් හින්දම නුඹ ට වාරුව වෙන්න බැරි මම දැවෙමි මා, මා තුලම ගිලෙමින වචන නොදෙඩූ ම'සිත ඉව කර 'උඹ හොදින්' දැයි අහන නිතරම ඈ.. ම'හද ගැස්මට පන දුන් අම්මා..ය
කවිය බලන්න