සසුන රකින යතිවර හැම  බබලත දන මන සදනා

සසුන රකින යතිවර හැම බබලත දන මන සදනා

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දා ගබ් කොත් කැරළි මැදින් - සුදු බුදු රස් නුබට ඇදී සිරිලක සිරිදුල් කරනුව - පතුරයි මුදු ගුණායෙ මැදී පුරස| සොමි කිණිති නඟා - මුදු රස් තව දිදුල කරයි ඒ බුදු ගුණ සිලිලාරේ - බොදු හදවත් නිති නැහැවේ සාදු සාදු හඬ නැගෙනා - වෙහෙර බුදුන් වැඩ සිටිනා ඒ හඬ නුබ ගිගුම් දිදී - හැම දෙසවනට ම ඇසෙනා... ප්‍රාර්ථනා පෙරදැරි වී - බෝ පත් සිලිසිලිය මැදින් සිතුවිලි වැල පඬුරක ලා - පුහුදුන් සිත් සරණ සොයයි බෝමැඬ මල පහන් තබා - නේක දූප සුවඳ සදයි බුදු ගුණ බුදු පද දෙතොලග - මුදු නඳ දී මුවගෙ නටයි පිරිසුදු සුදු තිර අතරේ - පැතුමන් තද වෙයි නිබ‌ඳේ බලාපොරොත්තුවෙ අබියස - බෝ සමි`දුන් ළ`ග ම රැඳේ .. තෙමඟුල සිහිපත් කරනා - වෙසක් මහේ පුන් පෝදා බොදු සිත් බුදු සිරිතෙ සැදී - වත්පිළිවෙත් සරි කරනා මෙත් මල් සිත් තුළ පිබිදී - දයාව කරුණා පුරනා මනුසත වෙසඟේ සිරියෙන් - බැතිබර කුළුණින් පිරෙනා දාන මාන දන්සල ඈ - සිත කය මන සුව සදනා නේක පහන් කූඩු තොරණ - බුදු සිරිතට පණ පොවනා බොදු පිළිවෙත් ගරු කරනා - බොදු හදවත් නිති බඳනා සසුන රකින යතිවර හැම - බබලත දන මන සදනා!!! 2004.05.01
කවිය බලන්න