කොවුල් හඬ මැද

කොවුල් හඬ මැද

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

අළුත් අවුරුදු එනව දුර ඈත අපෙ ගමට

මළුත් පිපෙනවා ඇති වහල ලඟ රතු පාට

කජුත් ඉදිලා බරව වවුල් පොර කන රෑට

මං ගියොත් බය වෙලා අඬයි රෑ එක දිගට

ගිය සැරේ අවුරුද්දෙ ලිපේ ගිණි මෙලෙව්වට

කිරි බතට ලුණු මදිව රස තිබුනෙ නෑ හොඳට

ගල් ලිපේ මී පැටව් කොඳුරාවි මහ රෑට

මං ගියොත් ඇහැරිලා අඬයි රෑ එක දිගට

සති අන්තෙ ගෙදර ගොස් ඉරිතැලී ආ විටක

කුස්සියෙන් නැගී එයි දෝංකාරය කණට

තිගැස්සී නොගැස්සී මං මෙහේ හිටියාට

ගියොත් අවුරුදු කන්න අඬයි මං මහ රෑට

මතක කඳු පෙරලිලා මං එයින් යටවේවි

නිදි නැතිව රෑ තිස්සෙ කඳුළු ගලමින් යාවි

වවුල් රෑනම ඇවිත් නපුරු හඬ නංවාවි

තනිවෙලා මං ඇඳේ කඳුළු දිගටම බෝවි

ඇට සැකිලි කූඩුවට හොඳට පන තිබුනාට

වාට්ටුවෙ එන හඬින් සිතට බිය නොගත්තට

පුතාගේ නම කියල හැඬු හැටි එයි හිතට

මං ගියොත් දුක් වෙමින් අඬයි රෑ එක දිගට

කවිය බලන්න