නුඹ නැවත එනු පිණිස

නුඹ නැවත එනු පිණිස

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

හිත පුරා උතුරාපු වසන්තය දිලෙන්න
ආදරය දළු දාපු අතු අගිසි පිරෙන්න
මල් කිනිති කරුණාව සුවඳ කර බෙදන්න
මිහි මඬල සනසවා සුදම් වැහි වහින්න

අතර මග කතර මැද උල්පතව නැගෙන්න
ගිම් නිවන මදනලේ මේ දෙසට හමන්න
පොළොව පිට ඇද වැටෙන තරුවකට නිවෙන්න
සිහිනයක් පාට කර මේ දෙසට එවන්න

හද පෙලා නැගෙන සෝ සුසුම් නොම රැඳෙන්න
කෝ කොහිද මන්තරය හිතේ මල් පිපෙන්න
ස්නේහයෙන් පුරවාපු හුස්මකට රැඳෙන්න
නුඹ මෙදෙස එන පුවත ඉඟියකින් කියන්න

Photo credit; Hannah Domsic

කවිය බලන්න