රැඩිකල් සමනලිය

රැඩිකල් සමනලිය

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

ඈ කවුද ? සොයනවා ඇය තවම ! නාමය ? "පූජා". මට මතක හැටියට ! ඉර - හදට පෙම් බඳින, තරුවකට කවි ලියන, බලාපන්කෝ හදවතක තරම, සිතිජයක් ලුහු බඳින ! නිධානයක බර, තනිව දරණ මායාකාරියකි ඇය ! නොවේනම් කොයිබින්ද ඔය, හඩන - හිනැහෙන දෙනයන ? ෆැන්ටසියක රැදෙමින් කණාමැදිරියන්ට අත වනන, ප්‍රේමයට කෝඩු ඇය, දොඩන්නේ කිම, ටොන් ගාණක වචන ? කදුලු අගයන, සිනහවෙන් දග කරන, තනිව තටු සලන, නුඹයි මා දුටු "රැඩිකල් සමනලිය..!"
කවිය බලන්න