සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච

සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

හිරිකඩ වැදී ගත දුහුලින් නැහැවිච්ච කෙහෙරැළි දිලෙයි එහෙ මෙහෙ අත විහිදිච්ච සල් මල් සැලෙයි සියොළඟ පත් ගැලවිච්ච කට්රොල් තුනුව්ලේ හොඳ හැටි පීදිච්ච ! නෙත් ගැටි විගස ඇස් ගිනිදැල් දැල්වෙච්ච පන්දම දැවෙයි ඒ ගින්නට අහුවෙච්ච ගොලු වූ හදකි හුස්මත් මගෙ හිරවෙච්ච සිහිනෙකි මටත් අඩ නින්දෙන් ඇහැරිච්ච !! Photo credit; ~ Илья Мельниченко
කවිය බලන්න