ගෑනුම තමයි

ගෑනුම තමයි

නිතිඥ ලක්ෂිකා රත්නායක

හමු වෙලා තියෙනවද toxic ගෑනුන්ව නිතරම ප්‍රශ්නයක්ම හොයන නිතරම ප්‍රශ්නයක් ඇති කරන ප්‍රශ්න වලට උත්තර පෙනී පෙනී ප්‍රශ්නයක්ම තෝරගන්න toxic ගෑනුන්ව !!! හමු වෙලා තියෙනවද මහන්තත්ත ගෑනුන්ව වටේ පිටේ බහුතර පිරිමි එයාට කැමති වෙන්න ඕන කියලා හිතන එහෙම කරව ගන්න ඒ පිරිමි නොදැනම ඒ පිරිමි ලව්වාම තමන්ට ඕන දේ කරවගන්න ඒ පිරිමි ගාව ඉන්න තමන් වගේම ගෑනුන්ව ඒ පිරිමි එක්කලාම පහත් කොට සලකන තව ගෑනියෙක්ට හිනා වෙන මහන්තත්ත ගෑනුන්ව !!! හමු වෙලා තියෙනවද outgoing ගෑනුන්ව තමන්ගේ relationship එක පුදසුන මත තබා පැන් ඉස රැක ගන්නා අනික් ගෑනුන්ගේ relatioship බල්ලට ගියාවේ හිතන ගෑනුන්ව තමන් නිසාවෙන් බිඳී විසිරෙන සබඳතා දිහා නිවී සැනසී බලා සිටින outgoing ගෑනුන්ව !!! හමු වෙලා තියෙනවද රිද්දන ගෑනුන්ව තමන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ හදවත නෙත් අගටම අරන් අඬවපු තම හදවත කීතූ වලට ඉරෑ දේම අනික් ගෑනුන්ටත් සිද්ධ වෙන විදියට වැඩ කරන out going ගෑනුන්ව !!! හමු වෙලා තියෙනවද කිසිම ගෑනියෙක්ට ගරු නොකරන කිසිම ගෑනියෙක්ට වටිනාකමක් නොදෙන තමන්ගේ දේ නාග කන්‍යාව සේ රකින අනික් ගෑනුන්ව විනාශ කරන toxic මහන්තන්ත out going රිද්දන ගෑනුන්ව !!!!
කවිය බලන්න