ජාතියේ මළ ගම

ජාතියේ මළ ගම

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

දැය රුක මුල හෙළ බස වග නො වැටහිලා හෙළ බල මුළ නැහැ උවදුර ගැන හිතලා වහරෙහි බල බස රැස සුරැකුමට නොලා ඇති කිම පල, දැය රැකුමට ගිරිය පළා? සරසවි තුළ හෙළ බස වහ කදුරු වෙලා විදුබස නිල නීතියෙහි පර බසට ලොලා පෙර පාසල යන ඉංගිරිසියට ගලා සිහළෙහි කල දවස හොඳටම අඳුරු වෙලා කොහි ද උරුම ඉංගිරිසිය රජ කෙරුණු රැකෙ ද දැයක් පෙළපොතෙ පර බස යෙදුණු? ගැහෙ ද හදක රිද්මය මවු බස සිඳුණු? කිම ද නොවැටහෙනු බස මිය යන ලකුණු ? ආදියෙ උරුම රැකුමට යුද වැදුණාට වාපියෙ දාගබෙහි සවි තර කෙරුවාට වීදියෙ සිහළ පුරසාරම දෙඩුවාට ජාතියෙ පණ නැසෙයි හෙළ බස මළ දාට !
කවිය බලන්න