මොස්කව් සිහින

මොස්කව් සිහින

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

ලොව රස ම හිම කිරම මොස්කව් නුවර ඇත ලොව සුන්දරම ළඳ මොස්කව් නුවර වෙත ලොව රසම කවි පද පුෂ්කින් ලියා ඇත ඔහුගේ උපන් දින- (ජූනි 06) මුළු මොස්කව් නුවර කවි මඩුවකට පෙරළෙත සොඳුර ඔබ කියා දුන් පුෂ්කින්ගෙ කවි පද මට තවම මතක ඇත "I want to understand you, I study your obscure language " - Alexander Pushkin අපැහැදිලි ඔබේ බස මට තවම මතක ඇත ඒත් තවමත් නොහැක තේරුම් ගන්න ඔබ පුෂ්කින් ගෙ උපන් දින- මොස්කව් නුවර දන කියවද්දි ඔහුගේ කවි හඬ නඟා හිම කිරම රස පරයා ගලා යයි කවි රසය මහා නගරය පුරා සොඳුර ඔබ කියා දුන් පුෂ්කින් ගෙ කවි රසය සමග ඔබෙ කොමළ වත නොමැකේය මතකයෙන් "I've lived to bury my desires and see my dreams corrode with rust now all that's left are fruitless fires that burn my empty heart to dust - Alexander Pushkin ‘මා ජීවත් වූයේ මගේ ආශා මිහිදන් කරන්නයි මගේ සිහින මළ කා දිරා යනු දකින්නයි ඉතිරි වී ඇත්තේ පලක් නැති ගිනි පමණි මා බොල් හදවත දවා අළු දූවිලි කරන’
කවිය බලන්න