මිනිසත්කම

මිනිසත්කම

චන්දන ෆොන්සේකා ලන්ඩනය

සංසාරේ දුක් විඳ ලබාගෙන මිනිසත් කම අඩු වයසින් මිය යනවද සිතනු ඔබ සැම ඔළුවක් තිබුණට එය නිසි ලෙස පරිහරණය නොකළ නිසා යන්න වුනා - පරලොව අවසන අම්මා කෙනෙකුගේ කුසින් ඔබ මෙලොව බිහිවෙලා තවත් ගැහැණියක නසන්න - ඔබ ඔබටම රැවටිලා ඇඟේ පතේ සවි ශක්තිය - ධනය බලය රූපය ගෙල වැල දා මිය යන විට - සිටියේ නැත ඔබ ළඟ තහනම් ගහේ ගෙඩි කන - කොයි කාටත් සිහිවෙන මේ සිද්ධිය පාඩමක්ය - හැදෙන්න මුල සිට සිතුවිළි ආ පලියට - සිතන්න ඔබ හැම විට කෙරුවොත් අත් වෙන - ඉරණම ඔබටත් සැමටම අහිමිව පිය සෙනෙහස - දුක් විඳීවී දරු කැළ සෙනෙහෙවන්ත බිරිඳක් ඇත - අහිමිව සෙනෙහස දුව එනතුරු මඟ බලා - අම්මෙක් ඉන්නවා කියා මෝහෙන් සිත මුලා වුනා - තහනම් ආලය නිසා සිදුවූ දේ සිදු වුනා - නෙතේ කඳුළු වැගිරුණා දහසක් පැතුමන් අකලට - උඩු සුළඟේ පාවුනා දුවේ පුතේ ඔබ සැම - මෙය ගෙන ආදර්ශෙට සිහි නුවණින් වැඩ කෙරුවොත් - වරදින් නැහැ මතුවට 07/03/2021
කවිය බලන්න