"නෙත් සර"

ලියෝනි අමරතුංග කැනඩාව

රෑ කල හේනට ගාටන වේලේ ඈ දැක පෑ හිත ආදර තාලේ කෝල සිනා පැටලී නෙතු දෑලේ කීවෙ කතා බිඳ දා හද සීලේ ආවට භාදක නෑ පිටු පෑවේ නෑනගෙ ආලය මාහට වූවේ මී බිඳු වෑහෙන මල්බර ජීවේ සෝදුක නෑ හද පෙම් රස යාවේ සාරිය අන්දල පෝරුව මත්තේ දෑඟිලි බන්දල අෂ්ටක නැත්තේ රාගික නිල්මිණි නෙත් සර මත්තේ ආදර රන්කඳ ළංකර ගත්තේ ( ගජ ඡන්දස - තරඟවැල විරිත ඇසුරෙන් ) ~~ ලියෝනි අමරතුංග, කැනඩාව ~~
කවිය බලන්න