ගල හොඳනම්....

ගල හොඳනම්....

මයුරි කොඩිකාර ගම්පහ

කරුවල බුරුත සියුමැළි නැත අරටු කඳන් හිරටම කිමද දඟලන රණ තිසරු බැඳන් දුරටම ඇදෙන සුවඳකි ගත සිතද බදන් අලුයට ගිලුන ගිනි පුපුරුය හොරට නිදන් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 වතුරත් බැඳල නෙව කුඹුරට බැහැල බලන් මඩිනට පුරුදු නම් කෙවිටක් මොටද සලන් කලටම වෙලාවට වපුරනු නොවී ගිලන් කන්නට පින් ඇතොත් ඉබ්බා ඒවි බොලන් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 පුපුරන රබර් ඇට වලකනු හැකිද කියන් බැන්දට වැට කඩුලු සිත නවතීද කියන් වැල රස මිසක වරකා අකපැයිද කියන් තිබහට වතුර නෙව තේ පෑහේද කියන් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 ඉක්කාවත් විසයි හුස්මක් ඇරල හිටින් නිට්ටාවට සුවයි දෙහි කැපු ගිරය දුටින් කිල්ලෝටෙත් පෙනෙයි තැවරුණු හුණුය යටින් ගංදෑලෙන් බිඳක් බිව්වට කිමද කටින් මයුරි කොඩිකාර අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කවිය බලන්න