සලඹියෝ

සලඹියෝ

සිසිර කුමාර කොග්ගලහේවා

කල ඉක්මෙනා කල වියපත් බව සඟවා මන දොල රවටමින් මතුපිට රස පොඟවා තාලෙට ඉඟිමරා සූ සැටෙ ප්‍රමෙ යොදවා ආලෙට අතවනයි ඉඟ සුඟ බඳ නලවා හුරතල් වෙමින් යටි සිතෙ අරමුණු සපුරා ගනුවස් නිසරු බොල් බිජු කතරෙහි වපුරා දර දිය අද්දවා මිරිඟුවෙ රස කොඳුරා ගිජු ළිහිනියෝ ඩැහැගනි සාරය උදුරා
කවිය බලන්න