ගොයම් කොළේට මුවාවෙන්න මිනිහෙකුට බැරිලු - (කොල්වින් ආර්. ද සිල්වා)

ගොයම් කොළේට මුවාවෙන්න මිනිහෙකුට බැරිලු - (කොල්වින් ආර්. ද සිල්වා)

විමල් ඇම්. ගමගේ

ඉදිරි පේළියෙ තැනක් හිමි නෑ කිසිම දවසක පංතියේ පස්සෙ පේළිය අපට සින්නයි මොකද මන්දා එහෙම වූයේ ගණිතෙ චක්කරෙ ආවර්තිතා වගු රැඳෙන්නෙම නෑ මතකයේ මැටි වැඩයි ලී වැඩයි ඇති විට අපියි දක්ෂයො පංතියේ දිසාපාමොක් නුදුටු අපිමයි බණ මඩුව, උස් අසුන හැදුවේ ඉදිරි පේළියෙ බණ ඇසූ අය නැහැනෙ කිසිවිට අපව දුටුවේ කුඹුරු යායන් පුරන් වූවත් ගමේ පන්සල් ගරා වැටුණත් ඉදිරි පේළිය අත් හරින්නට සිතන්නටවත් එපා පුතුනේ
කවිය බලන්න