ඇත්තමයි උන් එහෙම ඇහුවා......

ඇත්තමයි උන් එහෙම ඇහුවා......

චමරි වික්‍රමසිංහ පිලියන්දල

දෙමන් හංදියේ තෙමං හන්දියේ ජාමෙ වෙලාවට උන්නාට හිටගෙන පන පිටින් ඒ උන්නු කාලේ ලැජ්ජා බය ඇති ගෑනියෙක් වෙලා උන්නා ගෑනු කම ඉස්සර වෙලා ප්‍රේමයේ වැට උඩින් මටත් නොදැනිම එදා කැමැත්තෙන් මම ඉතින් පැන්නා. කුසත් බර වුනු දා පටන් අප්පා නෑ ආ ගිය අතක් දරාගෙන උන්න මං පුතුට ආදරේ හන්දා අප්පෙක් නැති දරුවෙක් අරං මග දිගේ ඇවිදිද්දි රෙද්දෙ තුත්තිරි නැති නෝනලා කතා නම් මහ හුඟක් මට කිව්වා. ගඟට පැන දිවි නැති උනත් දිරි අරං හැමදාම දරුවාට අප්පෙක්ම මම හෙවුවා. හංදියක් ගානෙ ලැග රෙද්ද හද හද ඉන්නෙ ගෑනු ඇඟ දුටුවහමයි. පිරිමි ඇස් කැරකෙන්නෙ ඒ නිසා රෙද්ද පටලවන් උන්නා. රෙද්ද හදනට කැමති උන් මිස අප්පා වෙන්නට කැමති උන් නැත දරුවා තියලා ලඳු කැලෑවක පොඩි වෙලාවකට යමුද නංගි ඇහුවා .
කවිය බලන්න