කාක බෝධිය

කාක බෝධිය

නීතීඥ නීල් ගුණසේකර කොළඹ

සැලෙයි බෝපත් නොදැක බෝසත් පේන මානෙක නැති නිසා පිට දෙන්න මින්පස්සෙ එන්නේ කව්‍ රැදැයි කව්දැයි සිතා විකාරයි සිව්‍‍රකුත් එල්ලයි අත්ත මියයාවිය සිතා අපූරැයි කාකයෙක් ඉන්දූ හන්දියේ බෝගහ ඉතා පඩුරැ සහ සද්ධාව උතුරයි පාර අද්දර ඇති නිසා ලගදි පිළිවෙල වුනා බෝධිය දෙවි කෙනෙක් එහි වැඩි නිසා ලගදි ඉදලා පිරිත් කියැවෙයි පීකරැත් බැද ඇති නිසා කොහෙන්දෝ හිමි නමක් ඇවිදින් පඩුරැ පෙට්ටිය බර නිසා රන් පාට රන් වැටක් ගැහුවා සල්ලි පොලියට දෙන එකා බුද්ධ පිළිමය එහි ගෙනාවේ ගංජා මුදලාලිගෙ පුතා තෙදැති සදහැති මැති ඇමැත්තෝ නිතර එහි ආගිය නිසා පිරිත් පැන් ,සුදු නූල් හිග නැත රෙඩිමේඩ් කර ගත් නිසා ඇතැම් කෙම්මුර රෑට මැදියම දේවතාවිය එන නිසා කලින් දොරවල් වැහෙයි බෝධියේ කව්ද පින්කල බවලතා
කවිය බලන්න