බල්ලට දුන් මනාපේ

බල්ලට දුන් මනාපේ

රංජිත් ද සිල්වා නවසීලන්තය

අපේ ගෙදරත් - පුංචි ජන්දයක් බලු පැටියෙක් ඕනද නැද්ද කියල අත උස්සලා ජන්දෙදීලා හැමෝම දුන්නා මනාප ජන්දේ - බලු පැටියව ගේන්න කියලා මනාප අරගෙන ඒකෙන් දිනලා - බල්ලා ගෙදරට ආවා පැනගෙන බල්ලගේ ඕනෑ එපාකම් - මේ හැමදේමත් තරඟෙට වාගේ හැමෝම එක්වී කරලා දෙද්දී - බල්ලා ඉන්නවා මුදුනාවී මනාපේ පැනලා දුන්නෙත් අපිමයි - ඌව මුදුනා කෙරුවෙත් අපිමයි බල්ලගේ යටහත් වැසියොත් අපිමයි බල්ලගේ වැඩ පමා කලොත් අපි - ඌ බුරා ගෙන ඇඟටම එන්නේ බලුකම හැමවිට මතුවෙනවා මනාපේ දීලා තිරිසන් සතෙකුට දැන් දැන් කාටත් සිහිපත් වෙනවා - කරගත් මේ මෝඩකමේ හැටි 24පෙබරවාරි 2023
කවිය බලන්න