නැගිටපන් උඹ සිංහයෙක් බං

නැගිටපන් උඹ සිංහයෙක් බං

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

ආයුබෝවන් කිව්ව ලොක්කා වගෙයි අදනම් අවුලකින් කෝ කඩුව ඉස්සුවාදෝ හොර හැතිකරේ මොන විධියකින් කෝමදෝ බං වාස දේසේ මීට්වුණෙ හුඟ දවසකින් හීනියට දාගමු දෙකක් ආතල් එකට පොඩි කොටේකින් නිව්ස්නං ඇති තරම් ආවා එන්ඩ ලැබුණේ නැහැ මචං උඹේ ඉවසුම වැඩියි මම නම් බාවලා සත්තයි මෙවුං පිල්ලෙලට අපි ගේම දුන්නට හතුරො කියලා වට කරං මේකලාටයි දෙන්න තිබුණේ කෑවා කන අඟ උඩ ඉඳං චැලේන්ජ් එක දුන් හැම සැරේකම උන් උඹේ දරු පැටව් මැරුවා එගේන්ස්ට් නොගිහින් හිටපු ඉන්දා ඕන හැටියට උනුත් නැටුවා තිබ්බ සංතිං එකට කෙළලා එවුන් ලස්සෙට කොඩිය වැනුවා කාලා බලපං හොඳද කියලා හුරුල්ලෝ ටික බැදල හැදුවා පරණ පම්පෝරිය වැඩක් නැහැ අද උඹේ හැටි බලාපං උඹට යනඑන මගක් නැතිකළ එවුන් සැට් එක හලාපං මදිද බං තව දුකම වින්දා ඉතිං වෙනසක් හොයාපං නැගිට ගන්නට උඹට බැරිනැහැ හොඳ එවුන් ජැක් උනානං බල්ලො සැට් එක ෂෝ දානවා උන්ව කොටුකර වසාපං එපා සයිලන් ෂයිඩ් ගහලා සැර සවුන්ඩ් එක දමාපං දාගනිං ඔය ඉතුරු ටික උඹ ලිමිට් පැත්තක තියාපං ගේම දෙමු අරි අපෙන් මොනවද වෙන්ඩ ඕනා කියාපං ඕන කසිලියකට අපිත් රෙඩි විසිල්පාරක් ගසාපං ආං අර ලණු පොට ගනිං මෙහෙ කොඩියෙ මැද්දට වුනානං මේං කඩුවක් ආයෙ නැගලා ශිල්ප දාලා වනාපං ඩෝන් වොරි බං ෆිට් පොරක් උඹ සිංහයෙක් බව හිතාපං
කවිය බලන්න