තාත්තෙක්

තාත්තෙක්

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

තේම්ස් නදියට පහළ කැඩුණු පාලම් සෙවණක් යට චුරු චුරු වැස්සට තෙමෙමින් සිටියේ.. ඒ මගේ තාත්තා ය වටකුරු වලාකුළු, ගිටාරය අතට ගෙන ගයන්නට සැරසෙනා මොහොතක ඔහු සිනාසෙයි තෙමෙන්නට හිත හදාගෙන පාරෙන් එපිට රෝහලෙන් පාර පනිනා අපට නන්දෙසින් එන ජනකාය අතරේ පෙනෙන්නේම ඒ රුව දිගු නිහැඬියාවකින් අනතුරුව යළිත් ඔහුව නෙත ගැටුණු දවසක පාද දෙක එක් පාදයක් වී.... ඒත් ඒ මූණේ පියකරු හිනාවක්මය "රත්තරන්...ගෙනියමුද තාත්තව ගෙදරට?" විදුලියක් කෙටීමෙන් වලා යහන දිය වෙමින් වැක්කෙරිණ මගේ අත හා බැඳී තිබූ ඔහු අත සම්ප්‍රේෂණය කරෙව්වාවත්ද අප අතර නිහඬ තත්පර මගේ පියා යැයි සිතුවාට ඒ ඔහුගේ ඩැඩී ය නැත...නැත... අපි හැමෝගෙම තාත්තා ය
කවිය බලන්න