ඉසුරුමුණි පෙම්  යුවල

ඉසුරුමුණි පෙම් යුවල

ප්‍රීති රන්දෙණිය

ඉසුරුමුණි පෙම් යුවල ගලේ හිටියම ඔහොම කියන පෙම් කතන්දර අනේ අපි දන්නවයැ රජුගේ අන්තංපුරෙට ගෙන ආව නොයිදුල්ම ගල් වඩුවාගෙ දූ බිසෝදැයි මේ ඉන්නෙ කොහෙමදෑ අපි දන්නෙ අවුරුද්දේ දින ගනන ටත් වඩා බිසෝවරු හිටියා නම් මහරජට මේකිගෙ න් රොන් ගන්න බැරි වුනා දැයි දන්නෙ උඩ ඉන්න දෙය්යොමයි බිසෝවරු කොටු කරන් හිටියා ට මහලූ රජ් උන්ගෙ සිරුරෙන් නැගුණු රාගයේ ගිනි සිලුව නිවන්නට අසමත් ව ඉන්න ඇති සත්තටම. එකෙක් එක දවසටලු අවුරුද්ද ගෙවෙන තුරු යලි එන්නෙ කවදාද ගනින්නැති ඇගිලි තුඩු පිච්චී ලා බුකෝගන බලන් ඉන්නැති නේද අනේ ඒ බිසෝවරු මේ කෙල්ල බාලයද අනේ කොහොමද දන්නෙ බලාගෙන ඉදලා ම ඇති වෙන්න ඇති ඈට ආවෙ රජ සැප ගන්න උන්නෙ විරවී ඉන්න බැරිම තැන අශ්හලේ ආදරය දකින්නැති කොල්ලාගෙ පසු පසින් හඩ හඩා පිස්සුවෙන් දිව්වාද දන්නෙ නෑ මේ අලුත් පෙම් වතී රාජ උදහස තරම මත් වෙච්ච බිසෝ දැක නොසිතන්න ඇති නේද මහෝඝය සේ රාගේ බුර බුරා නගින්නැති සැනසෙන්න ඇති නේද එක ම එක මොහොතක ට අනේ කරුමෙක මහත මාලිගෙට දුවන්නට කලින් ගල් පඩිය ළග කැපෙන්නැති හිස් දෙකම අපි දිහා බලාගෙන තාම උන් ගල් වෙලා අනේ අපි දන්නෙ නෑ ඉසුරුමුණි ගම් පියසෙ වෙච්ච ඒ පෙම් කතා ආදරෙද ...රාගය ද... 27.1,2023
කවිය බලන්න