මෙත් වැඩීම

මෙත් වැඩීම

දිල්රුක්ෂි ගුණතිලක

මම නිදුක් වෙම්වා ඒක හොඳයි නිරෝගී වෙම්වා වැඩියෙන් හොඳයි යහපත් සිතුවිලි ඇත්තෙක් වෙම්වා. දැනුත් එහෙම තමයි ඉතිං. මාගේ සතුරාද ( අල්ලපු ගෙදරම ඉන්නව!) නිදුක් වේවා කමක් නෑ නිරෝගී වේවා අනේ ඔව් යහපත් සිතුවිලි ඇත්තෙක් වේවා මොනවා? කොහොමද ඌ හොඳ වෙන්නේ හිතුවොත් ඌ නරක දෙයක් කෙරුවොත් මහ කැතම වැඩක් ඉඳල හිටල හොඳ කරන්නෙ කැපිල පේන ආසාවට පිපිරෙනවා ඉරිසියාවෙ යට කූට්ටු වැඩ සේරම මොන පිස්සුද නෑ නෑ නෑ එහෙම නෙවෙයි ඌ කොහොමද සුදන කරල මායි ඌයි එක වගේද අවුරුදු දහයකට කලින් මට කීවේ අරක මේක රකිනව මං පණ වාගේ ඒ මතකය හිටියා කට වහගෙන මම හොඳකම හින්දා මාගේ මැරුනත් මතකයි ඒ ටික අපොයි මෙහෙම මෙත් වඩාල ඒ සේරම ඇත්ත වෙයිද ඌ හොඳ මිනිහෙක් වේවිද එතකොට මට මොකද වෙන්නෙ ඌත් මං වගේ වේවිද? මොන පිස්සුද මට මතකයි කරපු හරිය නිදුක් වේවා මුලු ලෝකෙම!
කවිය බලන්න