ගැහැනු

ගැහැනු

දිල්රුක්ෂි ගුණතිලක

උපුල් නෙත් රත් දෙතොල් කොපුල් වල ගැහුනූ කුස්සියේ දැලි පෙරන් ගිණි සිඹින ගැනු පාසලේ රෝහලේ මුලසුනේ දිලුනු නෙක හැඩැති ගැහැණු වෙති වෙනස් කම් පිරුනු ගණ්ටාර යක් බෙරද කටවල්ද කාණු සිත් නිවන මිණි සිනා නගන රන් සීනූ සන්නි දෙහිකැපිලි බලි තොවිල් මැද හැදුනූ නිහඬවම දුක සතුට දරාගත් ගෑනු කම් සුතුරෙ කෙල පැමින කිරි මුහුදෙ පීනු මිණි මෙවුල අගුලු ලා සිල් රැක්ක ගෑනු අවුවටත් වැස්සටත් කණු කුණුම ගානූ මහ පොළව පෙරලුනත් නොසෙල්වෙන ගෑනු වැටුන විට නැගිටගත් පිරිමි වගෙ ගෑනු "ගෑනු වගෙ" පිරිමින්ට කැමති නැති ගෑනු පැලැන්තිය මොක වුනත් ගෑනු නම් ගෑනු පිරිමින්ට අසම නැත පන ගැහෙන ගැහැනු
කවිය බලන්න