ලංකාව

ලංකාව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

හංස- පරවි - සැළලිහිණි සන්දේශ ගිරා නව නළු රසය කැලතුනු සාහිත්‍ය පුරා සොබාදමේ රූසිරි එකිනෙකට පෙරා කවි නෙත පිබිදුණා ඒ දින රසය දරා ගස් - වැල් වලින් දිය දහරින් පිරී ගිය ලක්දිව සදිසි කිරි පිරිපුන් මවක ළය ඒ කිරි බලෙන් ඔදවැඩි දරු කැලෙක ලෙය නම් නැති සතුන් වනසති ඒ තිඹිරි ගෙය නියඟය - ඉඩෝරය ඟංවතුර ද පැතිරේ ලෙඩ - දුක් වසංගත කිරි පැණි සේ ඉතිරේ දැනමුත් නොදන්නා සේ සිටිනා අඳුරේ මිනිසුන් සිඳිති ගෙල අසිපත තම මැදුරේ කල්ප ලතා වෘක්ෂය නියඟෙට හසුවී පඬුපුල් අසුන ගිනි ජාලා වලින් දැවී සතරවරම් දෙවි කෝපෙන් දුකෙන් තැවී ගෙන දෙයි විපත් වරුසා නෙත් අතර මැවී හරිත වර්ණයෙන් සුසැඳුණු ලංකාව තම්බපණ්ණි නම් නම් ලද ලංකාව සොබාදමෙන් අගතැන්පත් ලංකාව වැනසූ මුඩු බිමකි අද ශ්‍රී ලංකාව ලක්දිව මුතුන් මිත්තන්ගේ කලා දම වෙන අන් කිසිත් නොව අප රට සොබාදම වනසන අයුරු දැක්කොත් නැත ඉවසීම පරලොව සිටීමයි මුත්තනි සැනසීම තිරිසන් සතුන් මිනිසුන්ගෙන් වෙන් වන්න ඇත ලොකු හේතුවක් ඒ බව දැනගන්න ඔල මොළ තිබෙන සිවුපාවුනි නැගිටින්න ලෝකෙන් උතුම් රට ලක්දිව රැකගන්න
කවිය බලන්න