මියැදුණු මම

මියැදුණු මම

රංජිත් ද සිල්වා නවසීලන්තය

ගත වුනා දින දෙකක් දැන් තවමත් මම පෙට්ටිය ඇතුලේ දෑස පියාගෙන නොසැලී සිටියත් ඇහෙනවා පෙනෙනවා සිදුවෙන හැමදෙයක් මල් පොකුරු මල්වඩම් පෙට්ටිය වටේටම - ලස්සනට අතුරලා මැරෙනකම්ම ඉන්න වුනා මල් වලින් සැරසෙන්න - ලස්සනට සැතපෙන්න කිසිම කෙනෙක් ඇසෙන්නට - කිවේ නැහැ අගුණයක් මම හැර හැමෝම - පන්සිල් අරගත්තා පාංශු කූලය දෙනවගත් ඇහෙනවා පුංචි රෙදිකඩක් පූජා කෙරුණා මගෙන් නොඅසාම මාව නිවනට යවන්නට - හාමුදුරුවෝ සැරසෙනවා දින හතෙන් - තුන් මාසෙන් - අවුරුද්දෙන් පන්සලෙන්ම අරගත්ත - අටපිරිකර පූජ කරලා ආයෙත් මාව නිවනට - යවනවා කියලත් මතක් වුනා අයෙත් ඉපදිලා - ලැබෙන මගේ අලුත් නමින් පින් අනුමෝදන් කරන්නැයි - හමුදුරුවන්ට කියන්නයි කියන්නට හිතුනත් මම කොහොමද කියන්නේ මම දැන් මැරිලා. 25 අප්‍රේල් 2022
කවිය බලන්න