අරගලයේ දෝංකාරය

අරගලයේ දෝංකාරය

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

එදා වේලක් සරිකරන් සිටිනු බැරි කළ වෙර දරන් බසිනු හැර පාරට ගෙයින් විකල්පයකුදු නොම දකින් නගර ගම් බිම් සිසාරා විසිර සිටි නෙක මත අරා නැගුනු ජන මත උදාරා නොම ගියෝ උන් අවි දරා එක්වීම සැම ඇවැසියා කිවද මැති සබයේ අයා නියතයකි පෙනෙනා නියා බලයටයි උන් ලොබ කියා කලු චරිත ගත වසාලා සුදු අඳින මැති ඇමැතිලා දුසිත් හෙලුවෙන් තබාලා පිටු දකිමු සැම එක්වෙලා වියත් දන නිහඬව බලා සිටි යුගය දැන් නිමවෙලා සැවොම පටුමත දුරැරලා නොලස ගමු රට නගාලා 15/04/2022
කවිය බලන්න