කඳුළක්  වූ  මුතුඇටය

කඳුළක් වූ මුතුඇටය

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

ඉන්දිය සයුරෙ මුතුඇටය යි නම පතල සුන්දර රටක් තිබුනා දියතෙහි විරල හොර මැරයන්ගෙ පමනයි පැහුනේ කරල අද මෙය ඉන්දියන් සාගරයෙහි කඳුල කුඹුරේ සිටියයුතු ගොවියන් මහපාරේ හිස අත්ගසා දෙන ශාපය යයි දෝරේ බැලු බැලු හැම අතම අසමත්කම බේරේ රට නැති කළ බවක් නම් හොඳටම තේරේ තුන් හෙලයේ මහා වැව් දාගැබ් බැන්ද කෙත්වතු හැඩවුනා රන්වන් කරලින්ද පෙරදා සතුට අපි සිත පුරහම වින්ද අපටත් නොදැනි වෙන කොහෙවත්ගෙ නිහින්ද රට රැකුමට වඩා එහි ගිනි අවුලන්නා හොරකම උරුමයට සවිකරගෙන එන්නා තම අඳ බාල බව මුළු ලොවටම පෙන්නා දස අත ණය වෙවී මගෙ රට විකුණන්නා අඳුරේ ගිලෙයි රට පැය පැය එකතු වෙවී මිනිසුන් හඬතලයි කුසගින්දරෙන් දැවී කරගත් මෝඩකම් ගැන සිත සිතා තැවී පෙර සැප විඳි අයුරු දැන් පෙනෙනවද මැවී 29.03.2022
කවිය බලන්න