අනේ ඉතින් සමාවෙන්න…….!

අනේ ඉතින් සමාවෙන්න…….!

රංජිත් ද සිල්වා නවසීලන්තය

ප්‍රයිවෙට් බස් එන්නට පෙර - ලංගම බස් පාරේ ගියේ පාසැල් සේවෙ - තැපැල් සේවෙ - අවුරුදු සේවේ සීග්‍රගාමී - සීමිත නැවතුම - විශේෂ චාරිකා මතක් වෙද්දී හරි සතුටුයි කාකි පාට බුෂ් කමිසය ඇඳගත් රියදුරු සහ කොන්දොස්තර ගාම්භීර මුහුණ ඔබේ - මතක් වෙනවා තාම ඉබේ එන්ජිම පණගැන්වූ විට - වෙවුලන සුක්කානම මත දෑත තබා වීරිය ගෙන - අපිව අරන් ප්‍රවේසමෙන් කඩුගන්නා - හුන්නස්ගිරි - රම්බොඩ - පාර දිගේ බස් පැදවූ ඔබතුමන්ලා කොළඹ -නුවර, ගාලු -කොළොඹ දුර ගමන් බස් සේවයේ මුළු ගමනම පාපුරුවේ - එක දිගටම හිටගෙන ගිය ටිකට් දුන්න ඔබතුමන්ලා කඳුවගේම තැනිතලාවේ - වංගු තියෙන මහපාරේ රියදුරු හා කොන්දොස්තර - දෑත දෙපා විරිය ගෙන මුල ඉඳන්ම ගමනාන්තෙට - අපිව අරන් ගමන ගියේ ජිවිතේ ගිරි දුර්ගේ - ගමන් කරන හැටි කියමින් පිළිම හැදුවේ නැති වුනාට - මල්මාලා නොදැම්මාට අනේ ඉතින් සමාවෙන්න - කලගුණ අපි නොදත්කමට ගොතා මෙලෙස කවි පදවැල් - ඔබ අබියස පුදමි බැතින් ඉතිහාසයේ ලියා තබමි - මෙවන් චරිත නොලියු පිටුවේ 24 මාර්තු 2022
කවිය බලන්න