සබන් එපා..පියරු එපා...

සබන් එපා..පියරු එපා...

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

සුමුදු සබන් සුවද පියරු ගෙනත් දෙන්ට කාසි කොයින් තාත්තෙකුගෙ හිත මෙලෙකයි- සසැලෙයි කිරි කවඩි හඬින් කාසිත් නැති ඉල්ලන්නට කෙනෙකුත් නැති නුඹේ අතින් සබන් එපා පියරු එපා -ගෙදර දුරයි පරෙස්සමෙන් සිල්ගත් සුසිල් සිත් අහලක- නැති හැටි දුක හිතෙන තැනක් පන්සිල් පද රකිනු කැපයි- නුඹ බිම දණ වැටුනු තැනක් එපා නුඹට මතු මතුවට දැනෙන්ට කිරි සුවද දුකක් අච්චුව බරයි අසරණ අපට-මරණය වෙද සැනසිල්ලක් රුදුරු උනුන් අත අත දැක දරුවන් සිහි උනාදෝ උන් කිරි සිනා මුව දකින්ට -හයියක් හිත කොහේදෝ දරුදුක මහමෙරකි -කිරිකැටි බිලිදුන් ඒ දනීදෝ ලේ කිරි නුදුන් මුත් පියවරු මතු මතු බුදු නොවේදෝ
කවිය බලන්න