කුර්දීශ් කුසුම

කුර්දීශ් කුසුම

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

ඈත මෙසපොතේමොයානු නිම්නයක පාලු තල් ගස් පෙලක් යට කාන්තාරයේ දැවෙන හිරු කිරණින් මුවාවුනු සුන්දර කුර්දිශ් රෝස කුසුම ගිම්හාන වසන්ත හුවමාරු මැද සීතල උනුසුම් සමව විදගෙන තනිවම රෑ පහන් තාරකා එලියෙන් බලාපොරොත්තු දල්වන රෝස කුසුම කලු මුහුද මතින් සුදු සද පායන විට ඔලිව් ගස් මිදි වැල් පිස ගෙන හමා එන හීගඩු පිපෙන සුලගේ තනිවම සැනසෙන කාන්තාරයේ සුවද රෝස කුසුම කුර්දීශ් කදුකරය සලිත කරමින් ආදරයෙන් රැව් නාද දෙන්නට සිනා සෙමින් සොයා දිව එන්නට නෙත් අගින් අඩගසන රෝස කුසුම
කවිය බලන්න