මතකයි  මට

මතකයි මට

නුවන් තොටවත්ත

මතකද ඔයාට පුංචි දෝණි ගෙ "ක්ලේ" පැකට් එක කොච්චර ලස්සනද අපි මුලින් ගේනකොට එක එක පාට එක ලඟ තියෙනකොට හැම එක ම හරි වෙනස් ඒත් කොච්චර ආස හිතුන ද ? ඒත් දැන් ටික ටික එකට ඇනිලා ඔක්කොම වටපිටාවේ තිබුන හැමදේ ම ඇමිනිලා එකට බලන්නට වත් නොහිතෙන එකම අඳුරු පාට හැම තැන ම . . මතකද ? හරියට ම ගැලපෙන්න කියලා වෙනස් වෙන්නට ඉස්සර කල්ප ගානක් බලන් ඉඳලා අහම්බෙන් හම්බුණ දවස් වල සෙනග ඉතිරෙන බස් වල එක ලඟ හිටන් යනකොට අපි දෙන්නා කොච්චර වෙනස් ද ?
කවිය බලන්න