BLUE MOON

BLUE MOON

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

සිල් ගත් කුසුම් පොකුරකි රන් තරු රෑන ඕජාතයෙන් බබලයි උළිඳුන් පහන උල්කා කදෝකිමි කර පොළොවට ගේන මේ රෑ පෙනෙන ඇස් වේ මට හමුනොවුන නිසසල පැයකි නෑ අවුරුදු ගණනකිය අපමණ දිගය තත්පරයත් සිහිනෙකිය නිසසල මනස ඉවසිය යුතු අහසකිය කල්පය වුවද විශ්මිත එක වදනකිය පිනි බිඳු සිඹියි නිරුවත් මුදු පා යුගල මුව රද සැලී සිත් මල කරවයි සසල වරකට රැඳෙන්නට හැකි නම් මා අසල හෙට රෑ යමෙත් නරඹමි ඔය නෙතු සඟළ
කවිය බලන්න