මාතෘකාවක් නැත ……….

මාතෘකාවක් නැත ……….

රංජිත් ද සිල්වා නවසීලන්තය

පෙර දිනක මෑත අතීතේ පුටු පෙරලියක් සිදුව ඇත්තේ ඇමති මණ්ඩලේ ඇතුල් පැත්තේ ඇමතිකම් අහිමිවී - විසිවුණා සමහරුන් වාසනාව පෑදී - මතුවුණා පසුපෙළ සිටියවුන් පහන තියා බුදුන් වැඳ - සුදුවතින් ඇඳ පැළඳ නැකතට පිටත්වී - සතුටින් මත්වී සිහිනය සැබෑ වී - දිවුරුම් දෙන්න යාවී දිවුරුම් දෙමින් කී දේ - අත්සන තබා සහතිකකර ඇමතිවරයකු වී - පළමු ගමන යෙදෙන්නේ - මහ සඟුන් නමදින්න අටපිරිකර තබා හිස මත - පිදුවේ සඟුන් වෙත දන ගසා ඇමති ධුරයේ - අමාත්‍යංශයේ - වැඩ සියල්ල හොඳින් සිදුවෙන්න දෙසූ සෙත් පිරිත් - අසා බැතියෙන් දික්කල දකුනු'තේ - බැන්දේ පිරිත් නූලක් අලුත් ධීවර ඇමති මැතිඳුන්ගේ…. 23අගෝස්තු 2021
කවිය බලන්න