මවක වන් සොයුරියට...

මවක වන් සොයුරියට...

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

දුලාලන සඳ වතේ වත්සුණු අළුරැඳුණා කුමාරිය වෙලා දුම්ගෙය තුළ දිලුණා මුලාවෙලා මින්දද හී බිම හැළුණා අනේ සොයුරු පෙමකට තන කිරිි එරුණා රස කළේ බත ම දිය කර කදුළු ඇහේ... හැඩ කළේ කළාලය නුඹ සිතුවමින් අපේ.. බඳ වටේ ඔතා ගෙන සවි රළපනාවේ .. වැව වුණා බිඳින්නට රැළි මුලාවේ.. පන්හිඳේ තැවරුවේ බුදුගුණයි ආසිරී.. සංහිඳේ ගැළපුවේ දේව යාදිනි බැරී පැන්බිඳේ පිරෙව්වේ මසවුළුය රස පිරී.. රන්කඳේ පෙවූවේ නුඹ අපට මව්කිරි
කවිය බලන්න