මිලින සිත්මල්

මිලින සිත්මල්

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

ශීතලේ සළුව යට - කිති කවනු කිමද නුඹ සඳත් නැත කොඳුරන්න - රැයේ නිදනු ද කෙලෙස මල්වර වු එසඳ විත් - කවි ගීත මැව්වාට දිගු ගඟක පදිමි ඔරු - බිඳුනු හබලෙන් දුබල මහ මූදෙ ඝෝර හඬ - දුරින් ඇසෙනා විටෙක හබල ඔරවයි බලන් - නුඹේ නෙත් වැසෙන'යුරු ජේසු සමිඳුන් කුරුසෙ - ඇන සමග සිරවෙද්දි නුඹ කිමද අනාථවු - ඇට සැකිලි මවන්නේ ඈත දුර පැල් පතින් - නැගි සුසුම් රාවයෙන් නැවත පැදවෙන හබල - ඇදෙනවා එගොඩටම එසැණ ඈතින් හමයි - දුකින් නැගෙනා සුවඳ කැඩුනු හබලෙන් පදිමි - පිපි එමල සිඹින්නට
කවිය බලන්න