මහබිනිශ්ක්‍රමණය

මහබිනිශ්ක්‍රමණය

වෛද්‍ය රසීකා ජයතුංග ලන්ඩනය

පුරේ බරණැස, ඇසල පෝ දා නොවන් සිරියෙන් ඉතිර තිබුනා නිමිති සතරක්,, උදෑසන දුටු කුමර සිත තුල නැගී වැඩුනා රැයේ මැදියම්, නළගණන් සිටි විරූ දැක්මෙන් මනස පෙළුනා සුවේ පස්කම්, අස්ථිරයි. ඉන් නික්ම යන්නට ඔහුට සිතුනා ලෙඩෙක් අසරණ දුකින් තෙරපුණ, පැවිදි රුවකුත් සෙමින් යන සැටි රුවක් වැඩිහිටි දුබල ගමනින් මනින පියවර ඔබ බලා සිටි කයක් මළමිනි අදෝනා මැද ඔබට පෙනුනා රැගෙන යන සැටි සිතක් නොසැලෙන මෙසේ පෙළබුවෙ, එදා දුටු ඒ සතර පෙර නිමි නිෂ්පලයි මේ සැපත් සම්පත්, තාවකාලික විනෝදය නම් දුෂ්කරයි ලොව ලෙඩ දුකින් පිරි, සසර ගමනට නිමක් නැත්නම් අස්ථිරයි ජීවිතය තණ අග පිනි බිදක් ලෙස විසිනු වේ නම් සම්පතයි සැම දේම ලෞකික හැර දමා ඉන් ඉවත් වේ නම් සදාදර වූ කුමරි සුවසේ නිදි ලොවට පිවිසිලා සිටියා දයාබර වූ පුත් කුමරුවන් ඈ තුරුලෙ සැතපිලා සිටියා ලයාදර වූ දසුන දුටු මුත් සිතේ තිර බව නොසැලි සිටියා සදාකල් යලි නොඑන අදහස වෙතම තරයේ එල්බ සිටියා ආදරය පිරි මුදු පහස යලි කවර දා කෙලෙසින් විදින්නද? යසෝදර කුමරිය කියූ රස තෙපුල් කවදා යලි අසන්නද ? බිලිදු පුත් රුව ගෙනෙන සුරතල පියෙකු ලෙස කවදා දකින්නද ? ලෝ සතුන් වෙත පතල කරුණා ගුණය එතරම් තියුණු වූවද ?
කවිය බලන්න