අවුරුදු විරිදු

අවුරුදු විරිදු

වෛද්‍ය රසීකා ජයතුංග ලන්ඩනය

කොහා ගයයි බක්මස, අවුරුදු ආසිරිය ගේ දොර හුණු ගා, පිළිගමු අවුරුදු  එලිය සුභ නැකතින් ලක්මව නව වසරක් අරබයි ලක් දරුවන් ලෝ අවටත් ඒ බව අගයයි අවුරුදු උදා වුන  දින, එක්වෙමු සොයුරු සැමදෙන // කෝවිල් සහ පන්සල් වෙත යමු නමදින්න ගෞරවයෙන් බුලත් දෙමින් වැඩිහිටියන්ට තෑගි බෝග ගණුදෙනු හොද හුවමාරුවට අළුත් අළුත් වත් පලදා සැරසී ජයට අවුරුදු උදා වුන දින, සතුටින් ගයමු අපි සැම // කඹ ඇදිල්ල, ගුඩු, එල්ලේ තරග කරන්න රබන් නාදෙ දෝංකාරේ ඇසෙයි සවනට වෙඩි පුපුරයි සැන කෙලියකි  ලක් බිම අද අවුරුදු කුමරිය පලදියි රුවන් ඔටුන්න අවුරුදු උදා වුන දින, කෙලියෙන් පිනවෙමු අද දින // කැවුන්, කොකිස්, මුන් අතිරස, කිරිබත්, අලුවා නෑදෑයින්, අසල්වැසියෝ බෙදමු හමු වෙලා සිහල , දෙමළ අපි සැමෝම   එක ලක් මවගේ සාමෙ නමින් කිරි උතුරමු අපෙ ලංකාවේ අවුරුදු උදා වුන දින, බැබලෙයි අපේ ලක් බිම // උතුර, දකුණ ලෙස නොබෙදා මුළු රට තකලා ජයහඩ නංවමු දිවයින එක්සත් කරලා මගේ දැයයි, ඔබේ දැයයි ලෙස නොසිතන්න අපේ දැයට නවෝදයක් උදා කරන්න අවුරුදු උදා වුන දින , සාමය පතමු ඔබ හට// 13 අප්‍රේල් 2021
කවිය බලන්න