එකත්පස් විරහව - දිනුෂි සිල්වා

එකත්පස් විරහව - දිනුෂි සිල්වා

නොදුන් නුඹෙ හාදුවක සුවඳ වැඩි හින්ඳා මල් පොකුරු ළඟින් ගෙන බල බලා උන්නා තෝඩු ඇස් නුඹෙ පෙනුණ ගණන් මට පෙනුණා නොආවත් වචන මං මමත් කවි ලිඋවා. කෙහෙරැලින් කළ ඉඟිය ළඟින්වත් නොතියා හීනි හසකැන් මගේ නුඹෙ මතක ලිව්වා. ප්‍රේමයේ හුඟක් දුර තනිව මං දිව්වා නුඹෙ නොවුණ මගෙ හීන තනි නමට වික්කා වසන්තය අකුරු කළ බවක් නැති හන්දා.. දික්කසාදය කුමට දැන් ඉතින් කැන්දා සුදුවේල හත්මාල උරුම නැති මන්දා මතක තුළ හිඳිමි මං කඳුළු තව නොලියා 2026.09.26
කවිය බලන්න