..... හඳී ....... - චින්තා ප්‍රියදර්ශන -යක්කලමුල්ල

..... හඳී ....... - චින්තා ප්‍රියදර්ශන -යක්කලමුල්ල

සුරතල් පපා දෙණි ඕවිටි මත නිල්ල දැවටී ළඟින් සෙනෙහස පෑ පොඩි කෙල්ල අඳුරෙහි ගිළුණු නිවසට පහණක දැල්ල විලසින් සිතට දුනි සොම්නස සැනසිල්ල පෙන්නා නිහඬවම ආදර බැඳියාව උන්නා නිරතුරුව විඳ හද ලැඳියාව ගෙන්නා සිරිය ගෙපැලට සොඳ සිරියාව දුන්නා අපට සොම්නස සංහිඳියාව උස්සා වලිග නිති දඟ දෙයි. නැහැ මෙල්ල ගස්සා හිසින් මොරදෙයි යුතු කැළඹිල්ල පස්සා පයෙන් ඇන කියනා පැමිණිල්ල වස්සානය ට පෙර නිවපං ගිණි දැල්ල දරුවෙකු සේම හැමදා සෙනෙහසින් රැකී නලලේ සඳකි කන් සැලෙනා අවානකී කුළුඳුල් දරු සිහින නුඹ සේ මාද දැකී ගැබ බිහිවෙන්න තිබුනේ තව දෙ'පෝයකී උදයෙම පුරුද්දට ආවෙමි නුඹව සොයා. කැපු කඹ ගැටය උනි අසුබම ලකුණ තියා අතහැර යන්න බැරි බව මට නොකිය කියා කුර අඩි ලකුණු තිබුණා මඩ පසෙහි ලියා අඳුන බලන්නට දෙවොලට යන මගෙක කඳුලින් පෙඟුණු නෙත් මා දෙස බලනු දැක හිටි වන දෙපය අවසඟ උනි එක තැනක හිස හා කුර හතර විය මැස්සෙක කොණක මොර ගහ යටදි අගලෙන් ලිස්සා බිඳුණු සුව වුන නමුදු තෙල්ගා ඇදයට හැරුණු දුටුවෙමි පයෙන් තවමත් උණු ලේ උනණූ මුදුනෙම කොක්කෙ 'නාන'ගෙ කඩයේ වැනෙණූ එහි උනු වැඩිම මිල ලෙස සටහන් කෙරුන පුවරුව අසල නිසලව සෝබර ලෙසින කුටියක විදුලි එලි මැද විනිවිද පෙනෙන ලොව එළි නුදුටු කලලය වකුටුව නිදන මැණිකෙගෙ අරුංගල් විකුණා කාසි ගැන නුඹෙ හිස සමග කුස දැරු කලලය ද ගෙන වත පැන් වඩා කඳුලැලි උතුරන නෙතින මිහිදන් කලෙමි දොරකඩ මට පෙනෙන තැන
කවිය බලන්න