පුංචි කුමරියේ!

පුංචි කුමරියේ!

ජයන්තා මිහින්දුකුලසූරිය

විල් ජලේ සිහිල් දියෙන් සීරුවෙන් නැගී රෝස පෙති විදාලමින් සිනා කැළුම් සලා, සුවඳ දී ,නොමින් සතන් පොබයනා නිතින් සියපතකි,,නුඹත් මගේ පුංචි කුමරියේ ! සඳ නිදන රැයේ නැගී ගගන තල අරා දිලිහෙනා නුවන් අයා රුවන් කැළුම් විදා හිනැහෙමින් නිවා දැමූ හදේ සෝ තැවුල් තරුවකී, නුඹත් මගේ පුංචි කුමරියේ ! ඈත කඳු මතින් නැගී, සීරුවෙන් ගලා, රඟ දෙමින් කුලෙන් කුලේ මියැසි සර නගා, රිදී වන් සිනාවකින් සරසනා මවුන් ගඟුලකී. නුඹත් මගේ පුංචි කුමරියේ! 2025.1.23.
කවිය බලන්න