එකමුතුවේ පැහැයන්

එකමුතුවේ පැහැයන්

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

සුදු මිනිසෙක් සටන් වැද, කලු මිනිසෙක් සමගින් මග වැටී මැරෙණ සඳ එකම පාටකි, ගැලූ ලේ කඳ අබියස ඒ එකම ලෙය මනු බෙදුම නොරිසිය හුදු මායාවක් විය පැහැය, දැය, සමය කලු සුදු පාට සමගින් ගෙන ඔබ, මා පැහැයන් නන් හුයෙන් වියෙන මනරම් එම සළුව මිනිස් භව​ නම් සැවොම මව් කිරි බී වැඩෙන විවිධ ජන කැළ ලොව වෙසෙන තම දිවි ගෙවා ගමන අවසන ඒ එකමුතුව යලිත් සමරන මිනිස් භවේ පරම ගී තනුව කරුණාව වේවා නිරතුරුව මිනිස් භවවූ ඒ අනගි සළුව නන් පැහැයන්හි එකමුතුව නිරන්ජන් සෙල්වදුරේ
කවිය බලන්න