ස්තුතියි කැමරා ශිල්පියාණෙනි

ස්තුතියි කැමරා ශිල්පියාණෙනි

ලාල් හෑගොඩ  

ඇතුලත සොරුන්ට නොහැකිය පලායනු ඇත වීදුරු කවුළු දැල් ගසා පිටත සොරුන්ට ද ඇතුලට යා නොහැකිය "අභිරූ තෙද බලැති කෙසරා" වන් අප මැතිඳු දැල් ගැසූ කවුළුවෙන් නොව දොරින්ය වදින්නේ ඇතුලට පුද ලැබිය යුතු නැණින් මහත් රජ මඬුල්ලට සියුම්ව අංග රචනා කර හැඩ කර ඇන්ද වූ වෘෂභ සළු පිළි රුවින අප මැතිඳු රෝහල් අසල අපමණ මල්ශාලා ඇතැයි ජනතාවට පහදා දී සොඳින් යස සුවෙන් සෘජු කයින් නො අනලස් ගමනින් නොහෙලා එන බිඳක් මැති තේජසින් රූපවාහිනී කැමරා නොදුටුවා සෙයින් මංගල රථයකට එළඹෙනා ලෙස දොරින් එළැඹීම අපූරුය පිටුපසින් නොව නිසි තැනින් කැමරාව මෑනුවාට ස්තුතියි ශිල්පියාණනි.
කවිය බලන්න