මකා ඇත්දැයි කියා...

මකා ඇත්දැයි කියා...

නුවන් තොටවත්ත

"හිතාගෙන ඇති නේද හරි ලොකු වැඩක් ය කියල අම්ම ආව උදේ ම හොයාගෙන මාව කිවුවා නේද ගිහින් ගැහුවා කියල මම නැහැදිච්ච කම ඔක්කොටොම වැඩිය ගහනවට කැමති නෑ කිවුවෙ අම්මලා ඒක තමයි වෙලා තියෙන්නේ ඔය ඔහොම ම තමයි නොගහ හැදුව ම තේරෙයි අම්මලා පුතාලා සේරටොම හිරේ විලංගුවේ වැටුණු දවසට හා කියනවා පුළුවන් නං එක්කෙනෙක් ගැන නොගහ හදලා ලොකු තැනකට ගිය" "ගොඩක් නං දන්නෙ නෑ ටීච ඒත් අහල තියෙනව එක්කෙනෙක් ගැන " එක්කෙනෙක් ? කියනව බලන්ඩ ? මොනව කරපු කෙනෙක් ද ? මැරයෙක් වෙන්න ඇති එකත් එකට ම" "පොඩි කාලෙ ගුටි නොකා ලොකු වෙලා බුදු වුණු කෙනෙක් ගැන"
කවිය බලන්න