මගේ ආදරය

මගේ ආදරය

මාලිනී හෑගොඩ USA

ආදරේ කැටි කරමි රූපෙක අඳිමි මම එය ඈත තරුවෙක හුදෙකලාවේ සිටින මොහොතක ඈත අහසට යොමනු මැන නෙත වලාකුළු සළු අඳින අහසක තරු වැසී නොපෙනෙනා මොහොතක යළි ඔබේ තනි කම මකන්නට ලියන්නම් කවි වලා පෙළ මත ආදරේ නම් තව වෙලාවක සියුම් ස්වරයකි නැගෙන තාලෙට කන් යොමනු තනිවූ ඇසිල්ලක දිග ඇරෙන මීවන ළපල්ලක ආදරේ තව වෙනස් රූ ඇත ගලන ගඟුලක, සයුරු රැල්ලක කිසිම අඩුවක් නැතුව ඔබ වෙත ගලා විත් ඔබ සිත තෙමනු ඇත
කවිය බලන්න