මට හිතෙන ආදරය

මට හිතෙන ආදරය

ගමගේ ලයනල්

මට හිතෙන ආදරය මට දැනුනෙ අද තමයි කනට කිති කැවෙන මද සිනිඳු හඬ වැකුනමයි මට දැනුණු ආ හැඟුම් හිතට වැඩිවෙන හැඩයි ඒත් මට කසාදෙට හිතක් තව නැතුවමයි සඳ ඇවිත් ඝන අඳුරෙ සොමි රැයක ඉඳ ගනියි කඳුලු පිනි වැටෙන හඬ විටක පපුවට දැනෙයි මට දැනුණු ආ හැඟුම් හිතට වැඩිවෙන හැඩයි ඒත් මට කසාදෙට හීතක් තව නැතුවමයි මට මගේ මව නැතුව පුංචි අම්මා ළඟයි මව් සෙනේ දැනෙන ළඟ කිට්ටුවට නෑකමයි නුඹ අරන් ආ දිනක ඉන්න තැන සැක තමයි ඒත් නුඹෙ කසාදය නොකර බැරුවා තමයි
කවිය බලන්න